23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලිට්‍රෝ ලාභයෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ලාභයෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඔහු පැවසුවේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය.

“අපි සෑහෙන්න මිල අඩුකිරීම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලනවා මිල පරාසයන් තුළම මේ මිල ගණන් තියා ගන්න. අපි ඒ වෙනුවෙන් ගොඩක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. විශේෂ අවධානයකින් ඉන්නවා මම සහ මගේ කණ්ඩායම. විශේෂයෙන්ම මිල සුත්‍රයට අනුව ලැබෙන මිල ගණන් අනුව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය අනුව නිරන්තර අවධානයෙන් පසුවෙනවා. ඉදිරියට අපි බලමු මේ මිල පරාසය තුළම සිලින්ඩරවල මිල තියා ගන්න තමා අපේ උත්සාහය.”