31.1 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩට යන අම්මලාට කිරිදෙන්න පැය දෙකක්

වැඩට යන අම්මලාට කිරිදෙන්න පැය දෙකක්

රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන දරු ප්‍රසුතිය සිදුකළ මවකට තම දරුවාට කිරි ලබාදීම සඳහා එක් පැයක් නොව කිරි පැය දෙකක් හිමිවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි.තුෂාරි සඳහන් කළේ මෙලෙස කිරි පැය දෙකක් හිමි වන බව බොහෝ දෙනා නොදැන සිටි කරුණක් බවත් එලෙස පැය දෙකක කාලයක් හිමිවී තිබුණේ 2018 වසරේ සිදුකළ සංශෝධනයක ප්‍රතිඵලයක් ලෙසින් බවත්ය.

‘වැඩට යන දෙමාපියන්ට සහනදායි වෙනසක් මවුකිරි දෙන්න සවියක්’ යන තේමාවෙන් ලෝක මවුකිරි දීමේ දිනයට සමගාමීව ඊයේ (19) පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මේ බව සඳහන් කළේ.

ඒ අනුව අදාළ මවගේ සේවා කාලය තුළ ඕනෑම පැය දෙකක් දරුවාට කිරි දීම සඳහා යාමට ඉඩ ලබාදීමට සේවා යෝජකයා බැඳී සිටී. උදෑසන රාජකාරිය ආරම්භ වන වෙලාවට පැයක් පසුව සහ රාජකාරි අවසන් වන වෙලාවට පැයක් පෙර මෙලෙස කිරි ලබාදීමේ පැය දෙක ලබාගැනීමට හැකිය.

එසේත් නොමැති නම් අදාළ මව කැමති ඕනෑම වේලාවන් දෙකක දරුවාට කිරි ලබාදිය හැකියාව පවතින අතර මව සේවය කරන ස්ථානයේම දරුවා සිටී නම් එම දරුවාට කිරි ලබාදීම සඳහා සේවා කාලය තුළ ඕනෑම වෙලාවක පැය භාගය බැගින් දෙවරක් හිමි වේ.