28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙල්ලස්ස සරසවියේ සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

වෙල්ලස්ස සරසවියේ සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල ඉගෙනුම ලබන සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බව උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා.

ඒ පසුගිය ඉකුත් 18 වනදා මෙම විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවන වසරවල සිසුන් අතර ඇතිවූ මතබේදාත්මක තත්වයක් හේතුවෙන්.

දින තුනක් පැවැති මෙම සිදුවීමට සම්බන්ධ වූ බවට සාක්ෂි සහිතව හඳුනාගත් මෙම සිසුන් 14 දෙනාගේ ශිෂ්‍යභාවය දැනට ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට මෙහිදී තීරණය කළ බව ද මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේක මහතා සඳහන් කළා.

එම මතබේදාත්මක තත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

ඔවුන්ගේ එම වාර්තාව කඩිනමින් ලබාදීමට උපදෙස් දුන් අතර අදාළ වාර්තාව ලැබිමෙන් පසු මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි උප කුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.