25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsSTF වෙඩි පහරින් පාතාල සාමාජිකයෙක් ජීවිතක්ෂයට

STF වෙඩි පහරින් පාතාල සාමාජිකයෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ, හොරම්පැල්ල, මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.

සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික වෙඩික්කරු වූ මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවෙක්. ඔහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති අතර රෝහල්ගත කරන විටත් සැකකරු මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු ඩුබායි හි සැඟවී සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල නායකයකුගේ වෙඩික්කරුවකු ලෙස සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.

පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටින සැකකාර පාතාල සාමාජිකයා භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවිය සැකකරුට වෙඩි වැදී සිටි ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.