― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකළුතර උපකාරක පන්ති ගුරුවරයාට ඇප

කළුතර උපකාරක පන්ති ගුරුවරයාට ඇප

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.

මාස දෙකයි දින 10ක කාලයක් බන්ධනාගාර ගත කර සිටි සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙසටයි කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

සැකකරු කළුතර උතුර, පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඇප කොන්දේසිවලට අමතරව සැකකරුට විදෙස් ගමන් තහනම් කරන ලෙස ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කල මහේස්ත්‍රාත්වරිය ඔහුට සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කළුතර අපරාධ කොට්ඨාශය වෙත වාර්තා කරන ලෙස සහ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

සැකකරු භාවිතා කල ජංගම දුරකථනය මේ වනවිට පරීක්ෂණ සිදුකරන කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අතර මාස දෙකකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝගය ලබාදුන්නේ.