26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගරාජයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් මියගිය ගණන 3 දක්වා...

ගරාජයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් මියගිය ගණන 3 දක්වා ඉහළට

අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලන් තිදෙනාගෙන් අයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු මාතර, නූපේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවූ ගරාජයේ සේවය කළ අයෙක්.

ඒ, අනුව මෙම අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (22) පෙරවරුවේ අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේ පිහිටි ගරාජයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

මෙහිදී අනතුර සිදුවූ ස්ථානයේ දීම එක් අයෙක් මියගිය අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ගරාජයෙන් සේවාවක් ලබාගැනීමට පැමිණි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පුද්ගලයෙක් සහ 28 හැවිරිදි වියේ පසු වූ එම ගරාජයේ සේවකයෙක්.

තුවාලකරුවන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.