30.6 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසියලුම වාණිජ බැංකුවලට මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්

සියලුම වාණිජ බැංකුවලට මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට සමගාමීව ණය පොලී අනුපාත අඩු කරන ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකු සංගමයට ලිපියක් යවමින් නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා ඇත්තේ ණය පොලී අනුපාතික ප්‍රමාණවත් ලෙස අඩු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසටයි.

පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් අඩු නොකළහොත් පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

පසුගිය මාස දෙක තුළ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු කළද, ඊට අනුකූලව ණය පොලී අනුපාත අඩු කිරීමට බැංකු පසුබට වී තිබෙනවා.