― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅඟුරුවාතොට මව සහ දියණියගේ අවසන් කටයුතු අතර තුර ගුටිබැට හුවමාරුවක්

අඟුරුවාතොට මව සහ දියණියගේ අවසන් කටයුතු අතර තුර ගුටිබැට හුවමාරුවක්

අඟුරුවාතොට ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ, කෙසෙල්හේනාව පොදු සුසාන භූමියේ දීයි.

මෙම මවගේ සහ සිඟිති දියණියගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන අතර වාරයේ දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ද හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ 24 හැවිරිදි කාන්තාවගේ ගම් ප්‍රදේශයවන ඉංගිරිය ප්‍රදේශයෙන් අවමංගල්‍ය උත්සවයට සහභාගීව සිටි පිරිසක් සහ සැමියාගේ පාර්ශ්වයේ පිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණා.

මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන්ට ද මැදිහත්වීමට සිදුව තිබෙනවා.

පසුගිය 18 වනදා සිට දින දෙකක පමණ කාලයක් අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී පසුගිය (21) වනදා සොයාගනු ලැබුවා.

ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හොරණ මූලික රෝහලේ පැවැත් වූ අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙමින් මළසිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබුවා.

මෙම ඝාතන සිද්ධියට මියගිය කාන්තාවගේ මස්සිනා ඊයේ (22) දින පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර, ඔහු ද කතුරකින් ඇණගෙන තුවාල සිදුකර ගැනීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.