29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්

ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු සියලුම ඉන්ධන සමාගම් ආවරණය වන පරිදි ඉන්ධන මිල සූත්‍රය භාවිත කරමින් සියලු වර්ගවල ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.

එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙය ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වෙළෙඳපොළේ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.