25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් ඊයේ දිනයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මීසාලේ සහ වරද්දන ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

මීසාලේ ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක් අනතුරට ලක්වූයේ කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ දුම්රියක ගැටීමෙන්.

බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඔහු මීසාලේ ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි අයෙක්. මෘත ශරීරය යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර වැල්ලව වරද්දන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් කුඩා ලොරියක් අනුරාධපුර සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඊයේ සවස සිදු වූ අනතුරින් තුවාල ලැබූ ලොරියේ රියදුරා ඇතුලු දෙදෙනෙකු වැල්ලව රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යැවීමේදී රියදුරා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්. මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.