27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුරදිග ගිය ඉඩම් ආරවුලෙන් පියාට ජීවිතය අහිමි වෙයි

දුරදිග ගිය ඉඩම් ආරවුලෙන් පියාට ජීවිතය අහිමි වෙයි

රත්නපුර හිඳැල්ලන ප්‍රදේශයේ සිදු වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල දුරදිග යාමෙන් සිදු වූ පහරදීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ, හිඳැල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලබා ඇත්තේ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වන අවුරුදු 36 හා 37 වයසේ පසුවන දෙදෙනෙක්.

කාලයක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 18, 65 සහ 48 යන වයස්වල පසුවන හිඳැල්ලන ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.