29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියට අල්ලස් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට

පොලිසියට අල්ලස් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට

පොලිසියට අල්ලස් ලබා දීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සඳහා පැමිණි පුද්ගලයෙකු මෙලෙස අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ උදෑසන පොලිසියට පැමිණ ස්ථානාධිපතිවරයා හමුවී ප්‍රකාශ කර ඇත්තේ තමාගේ පිරිමි දරුවෙක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය බවයි.

එම පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට උපදෙස් ලබාදී දෙපාර්ශවය ඉදිරිපත් කරන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

පසුව මෙම පුද්ගලයා ලියුම් කවරයක දැමූ කිසියම් දෙයක් මේසය මත තිබූ පොතක් යට තබා ඇති අතර මෙම කවරය පිළිබඳ විමසා විවෘත කර බැලීමේදී හෙළිවී ඇත්තේ එහි රුපියල් 5000ක නෝට්ටුවක් ඇති බවයි.

අනතුරුව රජයේ සේවකයෙකුට අල්ලස් දීම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

64 හැවිරිදි සැකකරු ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ කොමිසම සහ ගලේවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.