― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් -ශෙහාන් සේමසිංහ

සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් -ශෙහාන් සේමසිංහ

වර්තමානයේ සිදු කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණය අනාගත කිසිඳු රජයක් විසින් ආපසු හැරවීමට කටයුතු නොකරනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රටක මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වාගෙන යාම සඳහා රජය සිදුකරන වේගවත් සහ දුෂ්කර ප්‍රතිසංස්කරණ අනාගත තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොළඹ රබර් වෙළෙඳුන්ගේ සම්මේලනයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් දූෂණ මර්දන පනත, මහ බැංකුව තව දුරටත් ස්වාධීන කිරීම වෙනුවෙන් මහ බැංකුව පනත සහ තැන්පතුකරුවන් සහ ඔවුන්ගේ තැන්පතු සුරක්ෂිත කිරීමේ වෙනුවෙන් බැංකු විශේෂ විධිවිධාන පනත වැනි අණපනත් රෙගුලාසි ක්‍රියාත්මක කරමින් ආර්ථිකය වඩාත් විශ්වසනීය දිශානතියකට ගමන් කරවමින් ඇතැයි පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ 2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5% – 2.5% අතර ආර්ථික වර්ධනයකට ළගා වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දෙසැම්බරයේ ළඟා වනු ඇතැයි අපේක්ෂා කළ තනි ඉලක්කමේ උද්ධමන වේගයට ජුලි මස අග දී ළගා වීමට මෙරට ආර්ථිකයට හැකි වනු ඇති බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට පත් වනු ඇති බවයි.