― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2023 වසරේ දෙවන සහ තුන්වන වාර සඳහා පාසල් කාල සටහන නිකුත් වේ

2023 වසරේ දෙවන සහ තුන්වන වාර සඳහා පාසල් කාල සටහන නිකුත් වේ

023 වසරේ 2 වන පාසල් වාරයේ පළමු වන අදියර හෙට (24) ආරම්භ වී අගෝස්තු 17 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පාසල්වලට නිවාඩු ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

2 වන පාසල් වාරයේ 2වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.

3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පාසල්වලට නිවාඩු ලබා දිමට නියමිත අතර තුන්වන වාරයේ දෙවන අදියර 2024 වසරේ ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.