25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

කැරට් හැර සෙසු සියලුම එළවළුවල තොග මිල 30%කින් පමණ පහළගොස් ඇති බව දඹුල්ල තොග වෙළෙන්දෝ පැවසූහ.

ඒ අනුව කැරට් කිලෝවක තොග මිල රුපියල් 400ත් 430ත් අතර මිලකටද, බෝංචි කිලෝවක් 300ත් 350ත් අතර මිලකටද, මාළු මිරිස් 280ත් 300ත් අතර මිලකටද, අමු මිරිස් කිලෝවක් 400ත් 450ත් අතර මිලකටද, ලීක්ස් 130ත් 140 අතර මිලකටද, වට්ටක්කා කිලෝවක් 70ත් 100ත් අතර මිලකටද අලෙවි කරන බවයි ඔවුන් පවසන්නේ.