25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලේ නගර සභා ටැංකියක මුදල් පසුම්බි තොගයක්

ගාල්ලේ නගර සභා ටැංකියක මුදල් පසුම්බි තොගයක්

ගාල්ල – ඔරොප්පුවත්තේ නගර සභා ගොඩනැඟිල්ලේ අතහැර දමා තිබූ ජල ටැංකියක තිබී මුදල් පසුම්බි තොගයක් නගර සභාවේ සේවකයින් පිරිසකට හමු වී තිබෙනවා.

එලෙස හමුවූ මුදල් පසුම්බි තුළ ඒවායේ හිමිකරුවන්ට අයත් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, බැංකු කාඩ් පත්, සේවක හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි රැසක් ද තිබී හමුව ඇති බවයි වාර්තා වුණේ.

කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් විවිධ අවස්ථාවලදී සොරාගන්නා ලද මුදල් පසුම්බි, ඒවායේ තිබූ මිල මුදල් ලබාගැනීමෙන් පසු මෙලෙස ජල ටැංකියට දමන්නට ඇති බවයි සැක පළකරන්නේ.

මෙලෙස සොයාගත් මුදල් පසුම්බි නගර සභා සේවකයින් විසින් ගාල්ල පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.