දුම්රිය වර්ජනය අද (24) පස්වරුවේදී අත්හිටුවා තිබේ.
අද පස්වරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස් ගුණසිංහ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම වර්ජනය අත්හිටුවා ඇත්තේ.
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ සහ අද ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විය.