23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබහින්බස් වීමක් මරණයෙන් කෙළවර වෙයි

බහින්බස් වීමක් මරණයෙන් කෙළවර වෙයි

තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහර දී බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 41ක පුද්ගලයෙක්. ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (23) පස්වරුවේ මරණකරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එය ප්‍රදේශවාසීන් මැදිහත්ව සමතයකට පත්කර තිබෙනවා.

අනතුරුව සැකකරු සහ ඔහුගේ පුත්‍රයා නැවතත් මරණකරු සිටි ස්ථානයට පැමිණ ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වුණේ. එම අවස්ථාවේදී සැකකරුගේ ඥාතීන් දෙදෙනෙකු ද එම ගැටුමට පැමිණ ඇති අතර, එහිදි සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පහරදීමට පැමිණි 68 හැවිරිදි එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරුගේ පුත්‍රයා සහ තවත් අයෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.