― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර 07කදී බාල ඖෂධ 587ක් ඉවත් කරලා

වසර 07කදී බාල ඖෂධ 587ක් ඉවත් කරලා

ගතවූ වසර හත තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග 587ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2017 වසරේදී ඖෂධ වර්ග 93ක්, 2018 වසරේදී ඖෂධ වර්ග 85ක්, 2019 වසරේදී ඖෂධ වර්ග 96ක්, 2020 වසරේදී ඖෂධ වර්ග 77ක්, 2021 වසරේදී ඖෂධ වර්ග 85ක්, 2022 වසරේදී ඖෂධ වර්ග 86ක් හා 2023 වසරේදී මේ දක්වා ඖෂධ වර්ග 65ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මෙසේද කීය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලැබීම මේ වසරේ පමණක් සිදුවූ දෙයක් නෙවෙයි. මීට පෙර වසරවලද සිදු වෙලා තියෙනවා. නියමිත ක්‍රමවේද අනුගමනය කරන්නේ රෝගී ආරක්ෂාව වෙනුවෙන්. දේශීය වශයෙන් නිපදවන ඖෂධ මෙන්ම ලියාපදිංචි කළ ආනයනික ඖෂධද ප්‍රමිතියෙන් තොර බව පරීක්ෂණවලදී අනාවරණය වුවහොත් ඉවත් කරනවා.

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධ වර්ග 278 න් එක් ඖෂධයක් පමණක් ප්‍රමිතියෙන් තොර බව හෙළි වී තිබෙනවා. හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් ඖෂධ වර්ග 308 න් එක් ඖෂධයක් පමණක් ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වෙලා තියෙනවා. එවැනි ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට හැකිවන්නේ පරීක්ෂාවට ලක්කරන නිසයි.”

එමෙන්ම කිසියම් ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සකස් කිරීමේදී, නිෂ්පාදනයේදී, ඇසුරුම් කිරීමේදී, ලේබල් කිරීමේදී, නැව්ගත කිරීමේදී, ගබඩා කිරීමේදී, රෝහල්වලට ප්‍රවාහනය කිරීමේදී, නිවැරදි උෂ්ණත්වය නොමැති අවස්ථාවකදී, ඖෂධ ප්‍රමිතියෙන් තොර විය හැකි බවත් ඔහු අවධාරණය කළේ.