28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ මරණය ගැන අවසන් තීරණය අද

ෂාෆ්ටර්ගේ මරණය ගැන අවසන් තීරණය අද

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව ඒ සම්බන්ධයෙන් වූ අවසන් නිගමනය අද (24) ලබාදීමට නියමිතය.

අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉහළම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ ප්‍රමාණික විද්වතුන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස පසුගිය පෙබරවාරි 17 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කළ නියෝගයක් ප්‍රකාරව මෙම කමිටුව පත් කෙරිණි.

දිනේෂ් ෂාෆ්ටගේ මරණය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධව බරපතළ ගැටලුකාරී තත්ත්වයක් අධිකරණය ඉදිරියේ මතු වී තිබුණු බැවින් ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයකින් තීරණයක් ලබා ගැනීම සඳහායි මෙම පංච පුද්ගල කමිටුව පත් කෙරුණේ.

ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ විශේෂඥවරුන් පස් දෙනාගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලය ඊයේ (23) පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේදී සාකච්ඡා අරඹා ඇති අතර මෙතෙක් මෙම මරණය සම්බන්ධව ලැබුණු විද්‍යාත්මක දත්ත ගොනු සහ පර්යේෂණ වාර්තා සමාලෝචනය කරමින් මෙම විශ්ලේෂණාත්මක නිගමනයට එළඹීමට නියමිත ය.