― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

මේ වසරේ ජනවාරි සිට ජූලි 20 දක්වා කාලය තුළ සංචාරකයන් හත් ලක්ෂය ඉක්මවා දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2023 ජනවාරි සිට ජූලි මස 20 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 714,598කි.

ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 89,724 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2022 වසරේ ජුලි මාසය පුරා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 47,293ක් වන අතර, ඒ හා සැසඳීමේදී මේ වසරේ ජූලි මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති අයුරු දැකගත හැකිය.

2022 සමස්ත වසරටම මෙරටට පැමිණි සංචාරකයන් ගණන 719,978ක් වෙද්දී මේ වසරේ ජූලි මාසයේ 20 වනදා වන විට පමණක් පැමිණි සංචාරකයන් ගණන හත් ලක්ෂය ඉක්මවීම විශේෂත්වයකි.