25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසහෝදරිය සමඟ බහින්බස් වූ නැගණියගේ සිරුර මුළුතැන්ගෙයින් හමුවෙයි

සහෝදරිය සමඟ බහින්බස් වූ නැගණියගේ සිරුර මුළුතැන්ගෙයින් හමුවෙයි

නිවසේ මුළුතැන්ගේ තුළ ගෙළ වැළලාගෙන 10 වන වසරේ පාසල් සිසුවියක් සියදිවි හානිකර ගත් පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එස්. ප්‍රියදර්ශනී නැමැති 15 හැවිරිදි වියේ පසු වූ සිසුවියක්. මැය සිය වැඩිමහල් සොහොයුරිය සමඟ ඇති කරගත් බහින් බස් වීමකින් පසු උරණ වී මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සියදිවි හානිකරගත් සිසුවියගේ පියා කලකට පෙර ඔවුන්ව හැර ගොස් ඇති අතර මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවයි වාර්තා වන්නේ. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් මෙම පවුල රැක බලාගනු ලබන්නේ මියගිය සිසුවියගේ වැඩිමහල් සහෝදරිය බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.