28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහලාවත දී පොලිසියට පහරදුන් 15ක් අත්අඩංගුවට

හලාවත දී පොලිසියට පහරදුන් 15ක් අත්අඩංගුවට

හලාවත – තොඩුවාව ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ රාජකාරියේ නිරතව සිටින අතරතුර මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පොලිස් නිලධාරින් දෙදෙනා එම යතුරු පැදිය පරික්ෂා කිරිම සඳහා නැවැත්වීමට උත්සහ කළද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණා.

සිද්ධියෙන් පසු යතුරුපැදිය අනතුරට ලක්වීමේ චෝදනාව පොලිස් නිලධාරින් දෙදෙනා වෙත එල්ල කරමින් ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට පහරදී ඇති බවයි වාර්තාවන්නේ තුවාල ලැබූ පොලිස් නිලධරින් දෙදෙනා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව සිදුකළ විමර්ශන වලදී ලද තොරතුරු වලට අනුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.