― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක්සත් ජාතීන්ගේ සහාය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක්සත් ජාතීන්ගේ සහාය

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (24) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවැත්විණි.

එහිදී මාර්ක් අන්ඩ්‍රේ කියා සිටියේ ශ්‍රී ලංකාව මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සාධාරණ ණය ප්‍රතිකර්මයක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය වන බවයි.

මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට වැදගත් කරුණු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුරු නැගෙනහිර ප්‍රජාවන් අතර සහජීවන අරමුණු කර ගනිමින් යෝජිත සැලසුම් දිගුකාලීන ගැටලු විසඳීම, කලාපීය වර්ධනය පෝෂණය කිරීමත්, ඒ සඳහා ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට රජය පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.