32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalත්‍රස්තවාදියෙකුට දීපු ජනාධිපති සමාව රණවිරුවන්ටත් දෙන්න - නාමල්

ත්‍රස්තවාදියෙකුට දීපු ජනාධිපති සමාව රණවිරුවන්ටත් දෙන්න – නාමල්

මහ බැංකු බෝම්බයෙන් 91ක් ජීවිත නැතිකරපු එල්ටීටීඊ ත්‍රස්තවාදියකුට ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබා සිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මම දැක්කා අතිගරු ජනාධිපතිතුමා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබාදෙනවා. විශේෂයෙන්ම මහ බැංකුවට බෝම්බ ගහලා 91ක් ජීවිත බිලිගත්තු 200කට වඩා තුවාල වෙච්ව් වැරදිකරු වෙලා අවුරුදු 200ක් හිරේට නියම වුණු එල්ටීටීඊ සාමාජිකයාටත් ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.මමත් ඔය එල්ටීටීඊ සැකකරුවන් එක්ක මැගසින් බන්ධනාගාරයේ හිටියා. ඒ මම රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට. ක්‍රමානුකූලව ඒ අයට ජනාධිපති සමාව දීලා හෝ මේ අවුරුදු 15ක් 20ක් රිමාන්ඩ් බන්ධනාගාරෙ ඉන්න අයව නිදහස් කරන එකේ ගැටළුවක් නෑ. අනිත් පැත්තෙන් රණවිරුවොත් යම් චෝදනාවන්ට ලක් වෙලා වැරදිකරුවන් වෙලා තියෙනවා.ජනාධිපතිවරයා මේ අයටත් ජනාධිපති සමාව දෙනවා නම් ඒක තමයි මේ වෙලාවෙ විය යුත්තෙ කියලා මම විශ්වාස කරනවා.මොකද මේ පරිච්ඡේදය අපි වහන්න ඕනෙ.ඒක වහනවනම් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට පමණක් සීමාවෙලා බෑ. රණවිරුවන්ටත් චෝදනාවක් තියෙනවා නම් ඒ රණවිරුවන්ටත් ජනාධිපති සමාවදීලා මේ පරිච්ඡේදය අවසන් කරන්න ඕනෙ කියන එක මගේ විශ්වාසය.”