― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා

නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා

නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි සභාපතිවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රවෘත්ති සංසරණය වනවා.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීම සඳහා අදාල නළු නිළියන් තරගාවලිය නැරබීම සඳහා සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදීද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවයි සභාපතිවරයා කියා සිටියේ.