27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමුවෙයි

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමුවෙයි

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

බිම්ස්ටෙක් සංවිධානය යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමයි.

සාමාජික රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙන්ම කලාපයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් කලාපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණ ගත යුතු බව ද පැවසීය.

බිම්ස්ටෙක් සංවිධානයේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා බිම්ස්ටෙක් රටවල අමාත්‍ය මට්ටමේ රැස්වීම් නිතිපතා පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මහතා ද මෙම හමුවට සහභාගි විය.