29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසල්වලට එරෙහිව ක්‍රියාමාර්ග

මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසල්වලට එරෙහිව ක්‍රියාමාර්ග

පාරිභෝගික භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකරන සෑම වෙළෙඳසලකටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසීය.

අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ දඹුල්ල ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක මිල ප්‍රදර්ශනය කිරීම පිළිබඳව සොයාබැලීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මෙම මිල ප්‍රදර්ශනය කිරීමේ නීතිය තොග වෙළෙඳසැල්, සිල්ලර වෙළෙඳසල්, ආපනශාලා සහ අනෙකුත් සෑම පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ස්ථානයකම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය අතර එසේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස සමස්ත පාරිභෝගික ජනතාවගෙන් තමන් ඉල්ලීමක් කරන බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

මෙම නීතිය ක්‍රියාත්මක නොකරන වෙළෙඳසල් හිමියන් සඳහා මාස හයක සිර දඬුවම් නියම කිරීමේ හැකියාව පවතී.