― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරටින් ඩොලර් පිටට ගෙනයාමට තිබූ සීමා ලිහිල් වෙයි

මෙරටින් ඩොලර් පිටට ගෙනයාමට තිබූ සීමා ලිහිල් වෙයි

මෙරටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් හෝ අත්හිටුවීම් ලිහිල් කරමින් නව නියෝග නිකුත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2020.04.02 දින සිට වරින් වර ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් තාවකාලිකව සීමා කිරීම්/අත්හිටුවීම් සඳහා නියමයන් නිකුත් කරන ලදී.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත.

පෙර නිකුත් කරන ලද නියමය යටතේ පනවා තිබූ අනෙකුත් සීමා කිරීම්/අත්හිටුවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

නව නියමය 2023.06.28 දින සිට මාස හයක (06) කාලයක් සඳහා වලංගු වේ. මෙම ලිහිල් කිරීම් පිළිබඳ සාරාංශයක් පහත වගුවේ දැක්වේ.‍‍‍