28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ උත්සවවලට අලි ඇතුන් ගෙන ඒමට සීමා

යාපනයේ උත්සවවලට අලි ඇතුන් ගෙන ඒමට සීමා

යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුන් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවබාල සුන්දරම් විසින් දැනුම් දී ඇත.

මෙතෙක් වගකිව යුතු නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව අලිඇතුන් රැගෙන ඒමේදී සතුන්ටද හිරිහැරවීම් වාර්ථා වී ඇති අතරම මහජනතාවටද හානිවීමේ දැඩි අවධානමක් පවතින බවට දිසාපතිවරයා විසින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අලිඇතුන් යාපනයට රැගෙන ඒනනේ නම් පළමුව උතුරු පලාත් පශුසම්පත් නිශ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට දැනුම් දී අවසරය ගැනීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පත්කොට ඇති කමිටුවටද අදාල අවසරය යොමු කොට එම කමිටුවේද අවසරය ලබාගත යුතු බවටද දැනුම් දී ඇත.

විශේෂයෙන් යාපනයේ පැවත්වෙන කෝවිල් උත්සයන්ට මීට පෙර අලිඇතුන් රැගෙන ඒමක් සිදු නොවුනද පසුගිය ගෙවී ගිය කාලය තුලදී විවිධ කෝවිල් උත්සවයන් සඳහා අලිඇතුන් රැගෙන ඒම සිදුවූ අතරම එසේ අලි ඇතුන් රැගෙන ඒම දකුණු ප්‍රදේශයේ සිට සිදුවූ අතර අලි ඇතුන් රැගෙන එන පාර්ශවයන් විසින් කිසිදු ආරක්ෂක පියවරක නොගෙන ඇති බවටද යාපනය දිසාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.