27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක්

රුපියල ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක්

ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්ව තිබෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කොට සිටිනවා
2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වු රුපියල මේ වන විට දැඩි පසු බැමක පසුවේ.

වසර අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ.එමගින් පෙන්වා දෙන්නේ, ඊයේ දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල 6%කින් අව ප්‍රමාණය වී ඇති බවය.

වසර අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල තවදුරටත් 8% කින් පමණ දුර්වල වනු ඇති බවයි වාර්තා වෙන්නේ.ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323.03 බවත් විකිණුම් මිල 336.16ක් බවයි