29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවයි

ඉදිරියේදී හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල – විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ලබාදිය යුතු වරප්‍රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ලබාදී තිබු නඩු තීන්දුවකට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ රජයෙන් ලබාදී ඇති නිල නිවාස හා වාහන නඩත්තුව හා ඉන්දන දීමනාවක් පමණක් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

ඊයේ (24) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයකුගේ කාර්යමණ්ඩල ප්‍රධානියකු විසින් පසුගිය මාසයට අදාල බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාල බිල්පත් සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ.