26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් සමඟ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

හෙරොයින් සමඟ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

නොච්චියාගම පොලීසිය පැවසුවේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 230ක ප්‍රමාණයන් සොයා ගත් බවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව අනාවරණය වී ඇති අතර මොහුට සේවය හැර යාමේ නියෝග නිකුත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී, එම සැකකරු වව්නියාව වනජීවී අඩවි වන කාර්යාලයේ සේවය කරන නොච්චියාගම හල්මිල්ලකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.