25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋසස් පෙළ ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක්

උසස් පෙළ ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක්

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇති අතර ඒ යටතේ උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගන්නා බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ යටතේ පළාත් මට්ටමින් 5450ක පිරිසක් බඳවා ගැනීමට නියමිත අතර විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙනු ඇති.

අවුරුදු 35ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපධිදාරීන්ට මේ සඳහා ඉදිරිපත් වීමේ හැකියාව පවතී.