කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (25) දහවල් පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර බවයි පොලීසිය පැවසුවේ.
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොැමැති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.