28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස්ලන්දේදී සංචාරකයින් රැගත් වෑන් රථයක් පෙරළෙයි

කොස්ලන්දේදී සංචාරකයින් රැගත් වෑන් රථයක් පෙරළෙයි

සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ හීවල්කදුර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (26) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේදී රියදුරු සමඟ සංචාරකයින් සිව්දෙනෙකු එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදුව නැහැ. අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.