27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව අද

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සමුළුව සඳහා මෙරට සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත ලිඛිතව ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතික සංහිඳියාව ගොඩනැඟීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම සර්වපාක්ෂික සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිතයි.

එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ. අද කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණ සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.

මෙරට ප්‍රධාන විපක්ෂයවන සමඟි ජන බලවේගය පවසන්නේ සමුළුවට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (26) උදෑසන දැනුම් දෙන බවයි. එමෙන්ම මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගී නොවන බව ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සමුළුවට සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.