27.2 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtජය ශ්‍රී අයියා මලෝගේ අලුත්ම සින්දුව 'රුවිතේ'

ජය ශ්‍රී අයියා මලෝගේ අලුත්ම සින්දුව ‘රුවිතේ’

ජය ශ්‍රී අයියා මලෝ ගැන පහුගිය කාලේ සමාජ මාධ්‍ය වලින් එක එක විදියේ කතාබහ නැගෙන්න ගත්තා. පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණු වීඩියෝවකින් මේ දෙන්නගේ කතාබහ දකින්න ලැබුණා. මේ සම්මුඛ සාකච්ඡා වලදී ඩයමන්ඩ් වැඩක් වගේම රුවිතේ ගැනත් ජය ශ්‍රී ලා කිව්වා. ජය ශ්‍රී රොහාන් මේ ගැන කිව්වේ ‘බඩු සැරයි – සැප ගොඩයි’ කියලා.

මේ පැතිරුණු කතා එක්ක ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට අතගහල ද නැත්නම්
කොහොම වුණත්, පහුගිය දවස්වල තමන් ගැන පැතිරුණු කතාව ගැන‍ ජය ශ්‍රී ලා ඊයේ ෆේස්බුක් ලයිව් එකකින් පැහැදිලි කිරීමක් කළා. මේ ගැන රෝහිත කියන්නේ,
‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ. මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්‍රීලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි.
අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.’ යන්නයි.

මේ සිකුරාදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් මේ ගීතය එළිදකින්නට නියමිතයි. අමතක නොකර ලංකාවේ දක්ෂතම ශිල්පීන් එක්වෙලා නිර්මාණය කරපු මේ ගීතය නරඹන්නට එක්වෙන්නට ආරාධනා කරනවා.