22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබාලවයස්කාර දැරියක් අඹුකමට ගත් තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අඹුකමට ගත් තරුණයා අත්අඩංගුවට

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් සමඟ අඹුසැමි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ඇහැටුවැව පොලීසිය සඳහන් කරනවා.

බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව ඇති බවට ඇහැටුවැව පොලීසියට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව අදාළ දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ සමාජ මධ්‍ය ජාලයක් ඔස්සේ හඳුනාගත් මහව ප්‍රදේශයේ තරුණයෙකු සමඟ තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවයි. එහිදී අදාළ තරුණයා තමන් සමඟ අඹුසැමි සම්බන්ධතාවක් පැවැත් වූ බව දැරිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම දැරියගේ ප්‍රකාශයට අනුව මහව, මැටියක්ගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඇහැටුවැව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.