28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයූරියා මෙට්‍රික් ටොන් 8300ක ප්‍රදානයක්

යූරියා මෙට්‍රික් ටොන් 8300ක ප්‍රදානයක්

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යූරියා මෙට්‍රික් ටොන් 8300ක් මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදීමට තීරණය කර තිබේ.

එම යූරියා තොගය මහ කන්නයේ හෙක්ටෙයාරයකට අඩුවෙන් කුඹුරු වගා කරන ගොවීන් අතරේ බෙදා හැරෙනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට එම සහනය හිමිවන අතර මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ ජපාන රජයයි.

මේ වනවිට අවස්ථා කිහිපයකදී මෙරට ගොවීන්ට යූරියා මෙට්‍රික් ටොන් 15000 කට ආසන්න ප්‍රමාණයක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලබා දී ඇත.