28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගේ අරමුණ රට හරි තැනට ගෙන ඒමයි - රුවන්

රනිල්ගේ අරමුණ රට හරි තැනට ගෙන ඒමයි – රුවන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පාක්ෂික හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගන්නා විට ඩී.එස් සේනානායකගේ අදහස වූයේ සියලු ජාතීන් එකතු කර ගැනීම බවත් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ රටේ ආර්ථික ගැටලු හදා ගැනීමට නම් සියලු දෙනා එකතු විය යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් සඳහා දැන් විවිධ පක්ෂවලට ඡන්දය දුන් ජනතාව පැමිණෙමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ රට හැදීමට නම් සියලු දෙනා එකතු විය යුතු බවයි.