― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලිදුල වතු නිවාස 20කට ගින්නෙන් හානි

ලිදුල වතු නිවාස 20කට ගින්නෙන් හානි

තලවකැලේ, ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවස 20ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

ඊයේ (25) රාත්‍රී 9.00ට පමණ හටගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා ලිඳුල පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුවා.

නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේළියක එක නිවසක මෙම ගින්න හටගෙන පැතිර තිබූ අතර ගින්නෙන් විනාශ නොවී ඉතිරි වූයේ නිවාස 04ක් පමණයි. මෙම ගින්න හේතුවෙන් පවුල් 20කට අයත් සමාජිකයන් 70 දෙනෙකු පමණ මේ වනවිට අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ, පුස්තකාලයේ සහ ආගමික ස්ථානයක තාවකාලිකව රඳවා තිබෙනවා.

අවතැන් වූ පිරිසටඅවශ්‍ය පහසුකම් සහ පිසූ ආහාර ලබාදීමට වතු පාලන අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.