29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews01 වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ ඇසුරුම් ඉවත් කළ අයිස්ක්‍රීම්

01 වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ ඇසුරුම් ඉවත් කළ අයිස්ක්‍රීම්

ලබන මස 01 වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අලෙවි කරනු ලබන්නේ පොලිතින් ආවරණය ඉවත් කළ අයිස්ක්‍රීම් පමණක් බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ සහය ඊට අවශ්‍ය බවත්ය.

එමෙන්ම බිස්කට් අලෙවි කිරීමේදීද පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

සත්වෝද්‍යානය තුළ අලෙවිසල් පවත්වාගෙන යන්නන් සමග මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර අයිස්ක්‍රීම් අලෙවියේදී ඉවත් කෙරෙන පොලිතින් ආවරණ එකතු කර අලෙවිකරුවන් ඒවා පාලන අංශ වෙත භාර දිය යුතු බවයි හෙතෙම එහිදී අවධාරණය කළේ.