27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනන්දසංගරීගේ පුත්‍රයාට කැනඩාවේ කැබිනට් ඇමති ධූරයක්

ආනන්දසංගරීගේ පුත්‍රයාට කැනඩාවේ කැබිනට් ඇමති ධූරයක්

ශ්‍රී ලංකාවේ උපත ලබා මේවන විට කැනඩාවේ වෙසෙන එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට (gary anandasangaree) එරට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කළ කැබිනට් සංශෝධනයේදී ගැරී ආනන්දසංගරීට මෙලෙස අමාත්‍ය ධූරයක් හිමිව ඇති බවයි.

කැනඩාවේ කිරීටය හා ආදිවාසී සබඳතා අමාත්‍ය ධූරය යි ගැරී ආනන්දසංගරීට හිමිව ඇත්තේ.

ඔහු මීට පෙර කැනඩාවේ කිරීටය සහ ස්වදේශික සබඳතා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත්, එරට උරුමයන් සහ බහු සංස්කෘතික අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත් කටයුතු කර තිබෙනවා.

ගැරී ආනන්ද සංගරී මහතා, කැනඩාවේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

ගැරී ආනන්දසංගරී යනු ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පුත්‍රයායි.