23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'ඕවිටිගල චූටි' හා ගෝලයා අත්අඩංගුවට

‘ඕවිටිගල චූටි’ හා ගෝලයා අත්අඩංගුවට

කළුතර සහ හොරණ ඇතූළු ප්‍රදේශවල ගෙවල් බිඳීම් කළ ‘ඕවිටිගල චූටි’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙවල් බිඳීම් කළ ප්‍රදේශවල සීසීටීවී පරීක්ෂාවෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමෙන් පසු රෙදි සෝදන මැෂිමක්, අවන් එකක්, පරිඝණක මුද්‍රණ යන්ත්‍රයක්, සිවිලින් විදුලි පංකාවක්, පුටු හයක්, මේසයක්, වටිනා බන්දේසි, පිගන් භාණ්ඩ, වටිනා වයර් රෝල් 4ක්, කූලර් මැෂිමක් ඇතුළු භාණ්ඩ සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

සොරකම් කළ භාණ්ඩ බොහෝමයක් උකස් කර තිබූ බවත් වයර් රෝල් ඉතා අඩුමිළට විදුලි උපාංගවලට විකුණා තිබූ බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඕවිටිගල සහ වව්ළුගල ප්‍රදේශයේ පදිංචි 32 සහ 40 හැවිරිදි සැකකරුවන් වන අතරඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.