මෙරට ගෘහස්ථ ගෑස් සමාගම් දෙක එකම මිලට ගෑස් අලෙවි කරන්නේද යන්න පිළිබඳව ඉදිරි සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.
පාරිභෝගික අයිතීන් උල්ලංඝණය කරමින් මෙරටට ගෘහස්ථ ගෑස් සැපයීම සිදු කර ඇති බවට අමාත්‍යවරයා චෝදනා කළා.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ව්‍යාපාර අඩාල වුවද පවතින ආර්ථික අර්බුදය තුළ බොහෝ භාණ්ඩවල මිල යම් ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ගිය බවයි.