26 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථය පෙරලී 05කට තුවාල

ත්‍රිරෝද රථය පෙරලී 05කට තුවාල

අද (27) උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

හක්මන – වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසළදීයි ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරළී ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය සඳහන් කළේ හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී ඇති බවයි.