27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතේක්ක රාජා හස්තියා මියයයි

තේක්ක රාජා හස්තියා මියයයි

ගල්ගමුව වනජීවි කලාපය ආශ්‍රිතව දිවි ගෙවූ තේක්ක රාජා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ හස්තියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම හස්තියාගේ සිරුර ඊයේ (26) ගල්ගමුව – තාමරේ ග්‍රාමයේ කැළෑවක තිබියදී සොයාගත් බවත් එම අවස්ථාවේදීත් හස්තියාගේ බොහෝ කොටස් දිරාපත් වී ඇති අයුරු දක්නට ලැබුණු බවත් වනජීවි නිළධාරීන් පවසති.

මෙම හස්තියා මීට මාසයකට පමණ පෙර මියයන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

මීට වසර 4කට පමණ ඉහතදී වන සතුන්ට ඇටවූ බදින තුවක්කුවක් පත්තු වී ඇතාගේ ඉදිරිපස වම් පාදයට හානී වී තිබූ අතර වනජීවි නිලධාරීන් ඒ සඳහා අවස්ථා ගණනාවකදී ප්‍රතිකාර ලබාදී තිබුණත් තුවාලය සුව වී නොමැති බවයි වාර්තා වන්නේ.

වනජීවී නිළධාරීන් විසින් තේක්ක රාජාට අවසන් වරට පසුගිය ජුනි මාසයේදී ප්‍රතිකාර ලබාදී තිබුණත් ඉන්පසුව මෙම හස්තියා සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී නොමැත.