28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹරු ඇන කතුන් 04ක් රෝහලේ

බඹරු ඇන කතුන් 04ක් රෝහලේ

තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

වතු නිලධාරීන් පවසන්නේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් කැඩී එහි සිටි බඹරුන් ඇවිස්සී මෙම පිරිසට දෂ්ඨ කර ඇති බවයි.

මේ වනවිට කාන්තාවන් තිදෙනකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එක් අයෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.