― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මාදම්පේ -තඹගල්ල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද සවස 2ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත – මහගම සහ රුවන්වැල්ල – කන්නන්තොට පදිංචිව සිටි අවුරුදු 16ක පාසල් සිසුන් දෙදෙනෙක්.

මින් එක් සිසුවෙක් මාදම්පේ – මැදගම අභය ආදර්ශ ජාතික පාසලේ ඉගෙණුම ලබමින් සිට ඇති අතර,අනෙක් සිසුවා මහනුවර ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පදවා ඇත්තේ පාසල් නිල ඇදුමින් සැරසී සිටි සිසුවෙක් වන අතර අනෙක් සිසුවා ඔහුගේ ඥාති සහෝදරයෙක් බව සඳහන්.

අනතුර සිදුවන විට දෙදෙනාම ආරක්ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවටයි හෙළිවී ඇත්තේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 25ක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි පහන් කණුවක ගැටී අනතුර සිදුවී තිබෙනවා.

යතුරුපැදිය පදවා ඇති සිසුවා රෝහලට ගෙන යමින් සිටින අතර තුර මිය ගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ.

මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.